රට තුළ ඇමෙරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් පමණක් බවට ද තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලීටරයක් රුපියල් 75කින්
සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා තිබේ.
මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුහල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.
මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි.






