Press "Enter" to skip to content

නිරුවත් ඡායාරූප පෙන්වා සිසුවියට අතවර කරන්න හැදූ පෙම්වතා සහ මිතුරා අල්ලයි

17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට නිරුවත් ඡායාරූප පෙන්වා ඇයව ලිංගික අතවරයකට පොළඹවා ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනකු කයිට්ස් පොලිසිය විසින් පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයකු මෙම තරුණිය සමග මුලදී පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එය අතරමඟදී සිසුවිය විසින් නතර කොට තිබේ. කෝපයට පත් තරුණයා සිය මිතුරෙකුගේ සහාය මත පාසල් ශිෂ්‍යාවගේ ඡායාරූප විකෘති කොට ලිංගික දර්ශන ඇතුළත් වන පරිදි සකස් කොට පාසල් ශිෂ්‍යාව වෙත යවා තිබේ.

සිද්ධියෙන් බියට පත් පාසල් ශිෂ්‍යාව කැඳවා ගැනීමට මිතුරා සමත් වී ඇති අතර ඒ අවස්ථාවේදී ඇයට ලිංගික දර්ශන පෙන්වා ඇයව අපයෝජනය කිරීමට මුලින් සිසුවිය සමග පෙමින් බැඳී සිටි තරුණයා උත්සහ කොට තිබේ.

එම ස්ථානයෙන් පලාගිය පාසල් ශිෂ්‍යාව ඇගේ දෙමව්පියන් හරහා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය තරුණයන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාව කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

More from GossipMore posts in Gossip »