Press "Enter" to skip to content

තෙල් ලැබුනත් විදුලි කප්පාදුව නතර කරන්න බෑ – ලංකා විදුලිබල මණ්ඩලය

තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන ලැබුණද විදුලි සැපයුම නියාමනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවුණු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මාර්තු පස්වන දායින් පසු විදුලිය විසන්ධි නොවන බවට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙකුම පසුගිය සතියේ පැවසූ නමුත් ලංකා විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

නියමිත පරිදි ඉන්ධන ලැබුණොත් විදුලිය විසන්ධි කිරීම අඩු කළ හැකි නමුත් සම්පූර්ණයෙන්ම විදුලි කප්පාදුව නතර කිරීමට කළ නොහැකි වනු ඇති බවද ලංවිම ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉන්ධන නොමැති වීම නිසා ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශවල ජලය වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

More from GossipMore posts in Gossip »