Press "Enter" to skip to content

ලංකාවේ ATM කාඩ් ඉවරයි – කාඩ් එක කල්ඉකුත් වුනොත් සොරිම තමයි

මෙරට ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් හිමියන්ට එම ගිණුම්වලින් ගණුදෙනු කිරීමට අවශ්‍ය කාඩ්පත් නිකුත් කිරීම මාස ගණනාවක සිට අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ගණුදෙනුකරුවන් මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති.

අලුත් ඉතුරුම් ගිණුම් විවෘත්ත කරන්නට මෙන්ම කාඩ්පත් කල් ඉකුත් වූ පසුව අලුත් කාඩ් පතක් ඉල්ලා සිටින්නටත්, කඩ්පත් අස්ථානගත වූ අයටත් නව කාඩ්පත් ලබාගැනීමට නොහැකි හිමිවීම මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට තම ගිණුම් මුලින් මුදල් ලබා ගැනීමට බැංකු ශාඛාවකටම යාමට සිදුවී ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඒ ඩොලර් හිඟය හේතුවෙන් බැංකු කාඩ්පත් ආනයනය නතර කර තිබීම නිසා කාඩ්පත් හිඟයක් මතුව තිබීමයි.

ඉදිරියේදී ATM කාඩ්පත් නොමැති වුවහොත් සුපිරි වෙළෙදසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම, අන්තර්ජාල ගෙවීම් ඇතුළු සියලුම ඉලෙක්ට්‍රෝන් මුදල් ගනුදෙනු සම්පූර්ණයෙන්ම නැවත්වීමට සිදුවනු ඇත.

More from GossipMore posts in Gossip »