Press "Enter" to skip to content

ඉන්ධන මෝටර් රථ වලට නරක කාලයක්

දැඩි ආර්ථික අර්බුද රැසකට මුහුණ දී ඉන්න අපේ රටේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

ඉන්ධන වලින් ධාවනය වන වාහන පසුගිය කාලවකවානුවේ දිගින් දිගටම මිල ඉහළ ගිය බව ඔබ අප කවුරුත් දන්නා කාරණයක්.

නමුත් මේ වන විට ඉලෙක්ට්‍රික් මෝටර් රථ ද නැවත ඉහළ යාමට පටන් ගෙන තිබෙනවා.

රට තුළ ඉන්ධන අවසන්වීම මෙන්ම, ඉන්ධන මිලදී ගැනීමට රජයට ඩොලර් නොමැතිවීම නිසා ඉදිරියේදී ප්‍රෙට්ටල් මෙන්ම ඩීසල් වාහන වල මිල පහත බසිනු ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා.

කොහොම වුනත් මේ වන විට නිශාන් ලීෆ් වර්ගයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ද ලක්ෂ 40 සීමාව ඉක්මාව ගිහින් තිබෙනවා.

ඉන්ධන නොමැතිවීම නිසා වාහන පෝලිම් වලින් ඉන්ධන පිරවුම්හල් පිරී ඉතිරී ගොස් ඇත.

ඒ වගේම බහුතරයක් ජනතාව වාහනය ගෙදර දමා පොදු ප්‍රවාහනයට පෙළඹීමට පටන් ගෙන තිබෙනවා.

ඉදිරියේදී කොහොම වුනත් වාහනයක් මිලට ගෙන ගෙදර ෂෝ එකට තබා බයිසිකලයක නැතිනම් පොදු ප්‍රවාහනයක ගමන් ගන්න වෙන කාලය නම් වැඩි ඈතක නැති බව සමාජයේ ඇස් අරගෙන ජීවත්වන අප කාටවත් දැන් දැන් තේරෙනවා.

More from GossipMore posts in Gossip »