Press "Enter" to skip to content

කිළිනොච්චියේ සත්දරු මව සහ දියණිය මරා පුළුස්සලා

මරා පුළුස්සා දමන ලද බවට සැක කෙරෙන මවකගේ හා දියණියකගේ මළසිරුරු දෙකක් කිළිනොච්චිය ධර්මපුරම් පුන්නයිරාවී ප‍්‍රදේශයේ නිවසක තිබී ඉකුත් 22 දා ධර්මපුරම් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දරුවන් 07 දෙනෙකුගේ මවක් වන 37 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ ඇයගේ 17 හැවිරිදි ලක්ෂිකා නමැති දියණියයි.

කාන්තාවගේ ස්වාමිපුරුෂයා රැකියාවක් සඳහා පිටව ගොස් සිටි අතර නිවසේ කාන්තාව හා දියණිය පමණක් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී දෙදෙනා මියගොස් පිළිස්සී සිටි ඉඩම ආසන්නයේ තිබී පිහියක්, පෙට‍්‍රල් බෝතලයක් හා ජංගම දුරකතනයක්ද සොයා ගෙන තිබේ.



සිද්ධිය වූ ස්ථානයට පැමිණි කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මෙම මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියටද නියෝග කොට තිබේ.

කිළිනොච්චිය ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

More from GossipMore posts in Gossip »