ජනාධිපතිතුමා වාහන ගැන කරපු ප්‍රකාශයත් සමග හැමෝගෙම වාහන ගෙන්වීමේ බලාපොරොත්තුවට පොඩි ප්‍රාණයක් ලැබිලා තියෙනවා.
ඉතිං අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ළගදීම වාහන ආනයනය කරගන්න ලැබේවි කියලා.
ඒ කතාව එහෙම තියෙද්දි වාහන ගෙන්වන්න අප්‍රේල් වල ඉදන් අවස්ථාව ලැබෙනවා කියලා කටකතාවක් යනවා.
වාහන ආනයනය කරන්නට පටන් ගත්තට පස්සේ ආයිමත් භාවිතා කරන ලද වාහනවල මිල පහළ බහිවී කියන මතයක් ගොඩනගන්න අපේ සමාජයේ ගොඩදෙනෙක් උත්සාහ දරනවා.
ඒත් වාහන මිල පහළ බහිවීද ?
ඇත්තටම නැහැ. පවතින ආර්ථික අර්බුදයත් එක්ක වාහන මිල අඩුවෙන්නේ නැහැ කියලා තමයි වාහන අලෙවිකරුවන් අපිට කිව්වේ.
ඇත්තම කතාව මොකක්ද ?
ඇත්තම කතාව තමයි මේ වෙනකන් අප්‍රේල් මාසේ ඉදලා වාහන ආනයනය කරන්න දෙනවා කියලා කිසිම නිල ප්‍රකාශයක් ආණ්ඩු පාර්ශ්වයෙන් කරලා නැහැ.
එහෙනම් ඇයි මෙහෙම කටකතාවක් යන්නේ ?
වාහන මිල පහළ බස්ස ගන්න වාහන ගන්න අපේක්ෂාවෙන් ඉන්න පිරිසකුත් මේ වැඩේට ඉන්නවා, එ් වගේම Buy & Sell කරන පිරිස ද මේ වැඩේට සම්බන්දයි.
වැඩි ලාභයක් ලබාගන්න තමයි මේ අසත්‍ය ප්‍රචාරය පතුර වන්නේ.
ආනයනය කරන වාහනවල මිල කොහොම වේවිද ?
ලංකාවට වාහන ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ විදෙස් රටවල ද වාහන මිල ඉහළ ගිහින් තියෙන නිසා, වාහන මිල කොහොමටවත් අඩු වෙන එකක් නැහැ කියලයි. ඒ වගේම අපේ රටේ වැට් බද්ද ද තවත් ඉහළ යනු ඇතැයි ද එයාලා කියනවා.






