Press "Enter" to skip to content

රාගම ඛේදවාචකයක්! දෙනෝදාහක් බලා සිටියදී අයෙකු තමන්ගේම ගෙල කපාගනී!

රාගම, පොලිස් වසමේ මහබාගේ මාර්ගයේ සුපිරි වෙළෙඳසැළකට උදෑසන 10.30ට පමණ පුද්ගලයෙකු ඇතුළුවී සොරකමක් සිදුකරනු ලැබූ පුද්ගලයෙකු ඔහුව අල්ලා ගැනීමට තැත් කිරීමේදී ඔහු විසින් සිය ගෙල කපාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

සුපිරි වෙළෙඳසැලට ඇතුල් වූ මෙම පුද්ගලයා එහි රාක්කයක තිබූ කුඩා දරුවන් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කීපයක් රැගෙන මුදල් නොගෙවා පිටතට පැමිණ ඇත.

එහිදී අසල සිටි ත්‍රි⁣රෝද රථ රියදුරෙකු සිද්ධිය දැක ඔහුව අල්ලා ගැනීමට තැත් කිරීමේදී ඔහු අත තිබූ පිහියකින් ත්‍රීරෝද රථ රියදුරුට ඇන පළාගොස් තිබුණා.

පසුව තවත් පිරිසක් අදාළ සැකකරු පසුපස දිවගොස් ඇති අතර එහිදී සැකකරු කිසිවෙකුත් ළඟට නොඑන ලෙසත් එසේ පැමිණියහොත් ගෙල කපාගන්නා බවත් පවසා ඇත.

ඒත් සමගම සැකකරු විසින් තම අත තිබූ පිහියෙන් ක්ෂණිකයෙන් සිය ගෙල කපාගෙන ඇති අතර ඒ අදාළ සුපිරි වෙළෙඳසැළේ සිට මීටර් 500ක් තරම් දුරකදීය.

පසුව අසල සිටි පුද්ගලයින් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා සැකකරුව රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සැකකරුව පරීක්ෂා කර ඇති වෛද්‍යවරු පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවයි.

සැකකරුගේ මෘතදේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

More from GossipMore posts in Gossip »