අපේ රටේ ජනතාවට ලොකුම ප්‍රශ්න කිහිපයක් තියෙනවා, ඉන්ධන, ගෑස්, පාන්, කිරිපිටි, සහල්, එළවළු ඇතුළු තවත් ගොඩක් ප්‍රශ්න තියෙනවා.
ඒ මොන ප්‍රශ්නෙ තිබ්බත් වාහන මිල ගණන් ගැන තියෙන කතාබහේ කිසිම අඩුවකුත් නෑ.
ඒකට හේතුව තමයි, වාහනයක් කියන්නේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ හිතේ තියෙන ලොකුම හීනයක් බවට පත්වීම.
වාහන මිල දැන් අපේ රටේ එන්න එන්නම ඉහළට ගිහින්.
ඒකට හේතුව අපේ රටට වාහන ආනයනය නොකිරීමයි.
වාහන ආනයනය කරන කොට ලංකාවේ ආර්ථිකය, එහෙමත් නැත්නම් ඩොලරයක විකුණුම් මිල තවත් ඉහළ යනවා කියලා ආණ්ඩුව කියනවා.
ඒ වගේම අපේ රටේන් ඩොලර් පිටවෙන බවත් ආණ්ඩුව කියනවා.
මේ ප්‍රශ්න වලට හොද උත්තරයක් ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය එන්.එස්. කුරේ මහතා දුන්නා.
ඒ මහතා මේ ගැන කිව්වේ සිරස නාලිකාවේ පසුගිය 6වැනිදා පැවති මාවත වැඩසටහනට එක්වෙමින්.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන්න පුළුවන් ක්‍රමය පහතින් බලන්න….






