නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල් ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) අනාවරණය කළේය.
ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් හා ඩීසල් හිඟයක් පැමිණෙන බැවින් ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් හා ඩීසල් හිඟය මග හරවා ගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දුන්නේය’
අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහන මල්ල යටතේ ලබාදෙනවා ය කියන ඖෂධ බදු අඩු කිරීම පට්ටපල් බොරුවක් බවයි.
“පළමුවෙන්ම කියන්න ඕනේ ඖෂධ වලට බදු අය කරන්නේ නැහැ. ඒ අනුව ඒ කාරණය පට්ටපල් බොරුවක්. දෙවෙනි කාරණය, මේ රාජ්‍ය අංශයේ දැනට ලක්ෂ 15 ක් පමණ ඉන්නවා. විශ්‍රාමිකයෝ ආසන්නයෙන් ලක්ෂ 7 ක් පමණ ඉන්නවා.
ඒ අනුව මේ ලක්ෂ 22 ක් පමණ වන ජනතාවට වසරකට රුපියල් 60,000 කින් පමණ අලුත් මුදල් ප්‍ර මාණයක් ලබා දෙන්න රුපියල් බිලියන 130 ක් පමණ වැය වෙනවා. ආණ්ඩුවේ ආරංචි මාර්ග කියන්නේ මේ සහන පැකේජයට එහෙම නැත්නම් මේ සහන මල්ල රුපියල් විශාල එකක් බවයි.
ඒ අනුව පළමුවෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු අය වැයේ වැය පාර්ශවය එනම් බිලියන 5200 කට වැඩි වෙච්ච වැය පාර්ශවය බිලියන 5500 ක් පමණ ප්රණමාණයක් දක්වා ඉහල යනවා. ඒ වගේම අය වැය පරතරය තව දුරටත් පළල් වීමට නියමිතයි”
අද