Press "Enter" to skip to content

වෙනස් වසර දෙකක උපන් නිවුන්නු

අමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාන්තාවක බිහි කළ නිවුන් බිළිඳුන් දෙදෙනාගේ උපන් දිනය වර්ෂ දෙකක යෙදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නිවුන් බිළිඳුන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි දරුවෙකු වන අතර අනෙක් දරුවා ගැහැණු දරුවෙකි.

ඒ අතරින් ඇල්ෆ්‍රෙඩෝ ඇන්ටෝනියෝ ටෘජිලෝ නැමැති පිරිමි දරුවා උපත ලබා ඇත්තේ, 2021 වසරේ දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.45ට ය.

ගැහැණු දරුවා, අයිලින් යොලන්ඩා පිරිමි දරුවා උපත ලබා විනාඩි 15කට පසු එනම්, 2022 වසරේ ජනවාරි 1 වන දා උපත ලබා ඇති බව විදේස් මාධ්‍ය සඳහන් කර තිබේ.

දරු දෙදෙනාගේ මව වන ෆාතිමා මැඩ්‍රිගාල් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිද්ධිය තමාට පුදුමසහගත සහ සතුටුදායක සිදු වීමක් බව ය.

2022 වසරේ නැටිවිඩාඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුවූ පළමු දරු උපත ඇයගේ බිළිඳු දියණිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »