Press "Enter" to skip to content

දිලිත් ජයවීර ක්‍රිකට් වලට

ආන්දෝලනාත්මක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට සූදානම් වන බවක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙහි පළමු පියවර වශයෙන් ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ මීළඟ නිලවරණයේදී එහි වත්මන් සභාපති කුමාර් සමරසිංහ මහතා එලවා දමා එහි සභාපති ධූරයට දිලිත් ජයවීර මහතා පත් කරවීමේ මෙහෙයුමක් එම ක්‍රීඩා සමාජයේම කිහිප දෙනකු විසින් මේ වන විට දියත් කර ඇත.

දිලිත් ජයවීර මහතා දැනටමත් ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ජෝජ් ස්ටුවට් නාම පුවරුවක් සවි කිරීමට රුපියල් මිලියන දෙකක් අනුග්‍රහයක් ලෙස ලබා දීමට පොරොන්දු වී ඇතැයිද වාර්තා වේ.

පසුගිය ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජයීය සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ අන්තිම ස්ථානයේ පසුවන්නේ ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි.

මෙවර සහභාගි වූ තරග 12න් තරග 7 ක් පැරදී එකදු තරගයක් හෝ ජය ගැනීමට ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයට නොහැකි විය.

මෙසේ මෙවර තරගාවලියේ අසාර්ථකම පුහුණුකරු වූ ගාලු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු හා ක්‍රිකට් ලේකම් දිලිත් ජයවීර මහතා එහි මීළඟ සභාපති කරවීමේ මෙහෙයුමේ පිටුපස සිටින බව වාර්තා වේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් වන ආනා පුංචිහේවා, තිලංග සුමතිපාල හා ජයන්ත ධර්මදාස යන මහත්වරු මීට පෙර වරින් වර ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිවරු ලෙස කටයුතු කර තිබේ.

source ශ්‍රී ලංකා මිරර්

More from GossipMore posts in Gossip »