මළල ක්‍රීඩාවලට දක්ෂ කුඩා පාසල් දැරියක් පාවහන් යුගලයක් නොමැතිව ප්ලාස්ටර් භාවිතා කරමින් ඒවා පාදයේ අලවාගෙන පාවහල් යුගලයක් ලෙසට පෙන්වමින් සිටින ඡායාරූපයක් මේ දිනවල සමාජ ජාලයේ දැඩි ලෙස ප්‍රචාරය වෙමින් තියෙනවා.
මේ සිද්ධිය ගැන අපිට දකින්නට ලැබුනේ ඉන්දියාවෙන්.
මේ දැරිය එම ප්ලාස්ටර්වල ලොව ප්‍රසිද්ධ ක්‍රීඩා මෙවලම් මෙන්ම පාවහන් නිෂ්පාදන ආයතනයක් වන “නයික්” ලාංජනය සහ එම නාමය සටහන් කර ඇති දක්නට ලැබෙනවා.
මෙය දුටු හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක හර්බජං සිං විසින් ඇයට උදව් උපකාර කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ඔහු සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ එම දැරියගේ සියලුම අවශ්‍යතා, ක්‍රීඩා සහ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බලා ගැනීමට කැමති බවයි.
ඉන්දියාව යනු ලොව ධනවතුන් රැසක් මෙන්ම දුගී දුප්පතුන් රැසක් ජීවත් වන රටක්.
ඒ නිසා මෙවැනි කුඩා ජීවිත තම බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට නොහැකි දැඩි ලෙස පසුතැවෙමින් ජීවත් වන බව අපි අමතක කළ යුතු නැහැ.