“මේ අනන්ත රාත්‍රීයේ”, “සිතේ පෙම්පුරා” වැනි අතිශය ජනප්‍රිය ගී රැසකම හඬ අයිතිකරු වුණු දමිත් අසංක කියන්නෙ මුලු රටක්, ලෝකයක් ආදරය කරන ආදරණීය චරිතයක්.
ඔහුගේ ගීත කොයි තරම් පිස්සුවක් වුණා ද කිව්වොත් අදටත් අහන්නෙ නැති කෙනෙක් නැහැ. ඒ කොහොම වුණත් මේ සුපිරි ගායකයා හිටි හැටියේ නිහඬ වීම බොහෝ දෙනෙක් කම්පාවට පත් කළ පුවතක් වුණා.
පසුගිය දවසක, දමිත් සහ දමිත්ගේ ආදරණීය මෑණියන් යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. එම අවස්ථාවේ දමිත්ගේ ආදරණීය මෑණියන් , දමිත් ගැන මෙන්න මේ විදිහේ සංවේදී කතා කිහිපයක් හෙළි කළා.
දමිත් රටක් ලෝකයක් අඳුනන ගායකයෙක්… අම්මාට දැනෙන විදිහ.
ඇත්තටම ලොකු ආඩම්බරයක්. මගේ මහත්තයා ජීවතුන් අතර නෑ. මහත්තයාගේ කටහඬමයි දරුවට තියෙන්නෙ.. මහත්තයා ස්ටේජ් එකට නැග්ගොත් ප්‍රස්ට් එක අරන් මිසක් බැහැලා නෑ. මහත්තයා නැතිවෙලත් මම මහත්තයාට ඒ ගෞරවය දෙනවා.
දමිත්ගේ අම්මා රට ඉද්දි, දමිත්ගේ තාත්තා අම්මට ඇහෙන්න කියපු සිංදුව.
සිහින අසපුවේ ඔබ හා මා..
රැඳී සිටින්නම් තුරුළු වෙලා..
එපා එපා වෙනතක දැවටෙන්න
පියවි ලොවේ මා හමුවෙන්නම්…
දමිත් ගැන අම්මෙකුගේ ආදරණීය මතක
මං හිතන්නෙ මෙයා බඩේ තියාගෙන ඉන්න හැම තප්පරේකම සිංදු විතරයි කිව්වේ. ඒ වගේම මෙයා පොඩි අවධියේ හරි සුරතල්. මගේ දරුවා පෙර පිනකට ලැබිච්ච වස්තුවක්. මොකද කවුරුත් විශ්වාස කරන එකක් නෑ. අපි චූටි පැලක හිටියේ. දරුවා බිහිවෙන්න ඇවිල්ලා කියනකොට මහත්තයා ගෙදර හිටියේ නෑ. මම ඊටපස්සෙ තමයි දැනගත්තේ. මම ගොඩක් අසනීප වුණා. මාස අටක්ම වෛද්‍යවරු කිව්වේ ළමයව වුවමනා නෑ කියලා. ඒ වුණාට මම සල්ලි කාසියක් දැක්ක නම් දැක්කෙ මගේ විවාහ ජීවිතෙන් පස්සෙ මගේ දරුවා ආවට පස්සෙ. චූටි ගෙයක් හරි හැදුනේ දරුවාගෙන්. ඒ වගේ පින්වන්ත කුමරුවෙක් මේ. මාව මැරුණත් මගේ දරුවා ඕනි කියලා කිව්වා මම. මම දැනන් හිටියේ නෑ මෙයා ලෝකෙටම වටිනා වස්තුවක් වෙයි කියලා..
අම්මෙකුගේ අහිංසක ඉල්ලීම
මගේ දරුවා පව්කාරයෙක් නම් නෙවෙයි. මම මගේ දරුවව නැතිවෙන්න දෙන්නෙත් නෑ. මගේ දරුවා බුදු වෙනවාමයි. මේ සම්පත කුරා කුඹුයෙකුටවත් වරදක් කරන් නෑ. අනාගතේ කාටත් භාරදෙනවා මගේ දරුවා බලාගන්න…!!






