මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇතැයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන් ජූඩ් ජයමහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එම අසාදිතයින් තිදෙනා විදෙස් රටක සිට මෙරටට පැමිණ ඇති බව ය.
ඉන් එක් ආසාදිතයෙකු ටැන්සානියාවෙන් සහ අනෙක් ආසාදිතයින් දෙදෙනා සුඩානයෙන් පැමිණ තිබේ.
ඔවුන් තිදෙනා දෙසැම්බ්ර් 16 වන දා සහ 20 වන දා මෙරටට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, හඳුනාගත් ආසාදිතයින් තිදෙනා අවුරුදු 33, 35 සහ 47 යන වයස්වල පසුවන පුද්ගලයින් බව ය.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.






