මෙරට තුළ මේ දක්වා කෝවිඩ් හේතුවෙන් ගර්භිණී මවුවරුන් 60 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කර සිටියේ අදාළ සියලු ගර්භිණී මරණ කෝවිඩ් 03 වැනි රැල්ලෙන් පසුව සිදු වූ ඒවා වන බවයි.
මීට අමතරව 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂය තුළ සිදු වූ දරු උපත්වල යම් අඩු වීමක් නිරීක්ෂණය වන බවත්, කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කළ හැක්කේ තවත් මාස කිහිපයකින් පමණ පසුව වන බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
මේ අතර, සියලු දරුවන් සහ ගර්භිණී මවුවරුන් නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එදිනෙදා වැඩකටයුතු සිදු කළ යුතු බවට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් පෙන්වා දෙයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙරට තුළ ගර්භිණී මවුවරුන්ගෙන් 95%ක් පමණ කෝවිඩ් මර්දන එන්නත් මේ වනවිට ලබා ඇති අතර, වයස අවුරුදු 20ට වැඩි සියලු ගර්භිණී මවුවරුන් සඳහා කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ද ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.
Published in Health