Press "Enter" to skip to content

ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි

කොළඹ අක්‍ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කරන බවට පවසා රැගෙන ගොස් දුප්පත් යැයි වෛද්‍යවරයාට හැගවීම සඳහා කාරඹු ගලවන ලෙස උපදෙස් දුන් බව එම මවුවරුන් දෙපළ කියන්නිය.

එසේ ගැලවූ කරාබු යුගළ එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාඹු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු ගොස් තිබේ.

කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා වේ.

පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් නොකරම නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.

කොළඹ අක්‍ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව නිසි පියවර නොගැනී නිසා අඛණ්ඩව වංචාකරුවන්ගේ ග්‍රහණයට අහිංසක රෝගීන් නතුවන බව  අක්‍ෂි රෝහලේ නිලධාරියෙක් පැවසීය.

More from GossipMore posts in Gossip »