Press "Enter" to skip to content

රාත්‍රී ආහාරය ඉතිරි කළේ යැයි කියමින් කුඩා දැරියකට කුඩම්මා නටන උණුවතුර පොවයි

රාත්‍රී ආහාරය ඉතිරි කළේ යැයි කියමින් එකොලොස් හැවිරිදි බාල දැරියකට නටන උණු වතුර පොවා පහර දුන් බව කියන එම දැරියගේ කුඩම්මා අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.

බලහත්කාරයෙන් උණු වතුරු පෙවීම හේතුවෙන් දැරියගේ කට පිළිස්සී තිබූ බවද පොලීසිය සඳහන් කළේය.

කුඩම්මාගේ වද හිංසාවට ලක්වූ මෙම දැරිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය පොලිසියට හඬමින් පවසා ඇත්තේ බත් සියල්ලම නොකෑවොත් කුඩම්මා තමන්ට පොලු වලින් පවා පහරදෙන බවයි.

දුම් දමන උත්තර දීමට නොහැකි බව හඬමින් පැවසූ විට කුඩම්මා බලහත්කාරයෙන් එම උණු වතුර පොවා ඇති බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

දැරියගේ මව ඇය හා පියා අතහැර වෙනත් පුද්ගලයෙකු සමග ගොස් ඇති අතර දැරියගේ පියා දරුවන් දෙදෙනකු සිටින මෙම කාන්තාව විවාහ කර ගෙන තිබේ.

දැරියගේ පියා මේසන් බාස් වරයකු ලෙස කොළඹ ප්‍රදේශයේ රැකියාවක යෙදී සිටින්නෙකි.

More from GossipMore posts in Gossip »