නාඋල පොලිස් බල ප්‍රදේශයේ යළි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් කොරෝනා මර්ධන ඒකකය කියයි.
ගතවු පසුගිය දින කිහිපය තුළ නාඋල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් හලකින් කෝවිඩ් වෛරසය ආසාධිත රෝගින් දහතුන් දෙනෙක් (13) වාර්තාවී තිබේ.
ගතවු කාල පරිච්ඡේදයේ ආදාල ඇගළුම් හලෙන් කෝවිඩ් රෝගීන් බහුලව වාර්තා වූ අතර, මෑතකදී යළි එම ඇගළුම් හලෙන් කෝවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බව නාඋල පොලිසියේ කෝවිඩ් මර්ධන ඒකකය කියයි.
නාඋල නගරය භාවිත කරන පිරිස් මෙන්ම සෙසු ප්‍රදේශ වල ජිවිත් වන පිරිස් ද මෙම පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන ලෙසත්, ඒ සදහා විශේෂ අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Published in Health
More from HealthMore posts in Health »