මෙවර ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගි මුල්ම තරගය වූ එංගලන්තයට එරෙහි තරඟයට පෙර තමන්ට මුහුණදීමට සිදු වූ දුක්බර සිදුවීමක් පිළිබඳව.
මෙම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ක්‍රිස් ගේල් කණ්ඩායමට එකතු වූයේ යළිත් සිය මව් රට වූ ජැමෙයිකාවේ සිට ආ සැනින්.
ඒ ඔහුගේ පියා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම මත.
ක්‍රිස් ගේල් ඒ ගැන කියන්නේ මෙන්න මෙහෙමයි.
පියාගේ තත්ත්වය
“බොහෝ දෙනෙක් දන්නේ නැහැ මගේ පියා අසනීප වීම නිසා පළමු තරඟයට (එංගලන්තය සමග) පෙර රාත්‍රියේ මට ඉතා කඩිනමින් ජැමෙයිකාවට යන්න සිද්ධ වුණ එක ගැන. මම එහෙම ගිහින් වෛද්‍යවරයා ඔහු ගැන කියන්නේ කුමක්දැයි ඇසුවා”
සිය පියාගේ වත්මන් තත්ත්වය ගැන ක්‍රිස් ගේල් සඳහන් කරන්නේ ක්‍රිකට් බාසාවෙන්.
“ඔහු හොඳට පහර දෙනවා. වයස අවුරුදු 91යි. ඒත් ටිකක් ඔහුට අපහසුතා තිබෙනවා. මේ තරගාවලිය ඉක්මන් වූ විගසම මම ජැමෙයිකාවේ ඔහු සිටින තැනට යන්න ඕන”
“ඇතැම් වෙලාවට ක්‍රීඩකයන් තමන්ට ක්‍රීඩා කරන්න සිදුවන පසුබිම පිළිබඳව කියන්නේ නැහැ. එය පෙන්වන්නේ නැහැ. මොකද අපිට කරන්න රාජකාරියක් තිබෙන නිසා. මේවා තිරය පිටුපස තිබෙන කාරණා. ක්‍රීඩකයෙකුගේ වගකීම වන්නේ ඒවා පැත්තක තබා දස්කම් දැක්වීම”