දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (02 වැනිදා) හඳුනාගත් බව දික්වැල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි පැවසීය.
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් යළිත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමට පටන් ගෙන ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි වැඩිදුරටත් පැවසීය.






