Press "Enter" to skip to content

“ඒ වෙලාවෙ මම එතන හිටියත් පන්දුව ලබා දෙන්නෙ ලහිරු කුමාරටම තමයි” – ලසිත් මාලිංග

මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තීරණාත්මක තරගයෙන් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත පරාජයක් උරුම වූයේ ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය අවසන් පන්දුවාරයේදී දකුණු අප්‍රිකාව උදුරා ගැනීම හේතුවෙනි.

කෙසේ නමුත් ඊයේ තරඟයෙන් අනතුරුව අවසන් පන්දුවාර යොමුකිරීමේ විශේශක්නයකු ලෙස සරලකෙන ලසිත් මාලිංග විසින් ඔහුගේ YouTube නාලිකාවේ පවත්වන වැඩසටහනක් අතරතුර ඔහු ප්‍රකාශ කර සිටියේ තමන් ඒ අවස්ථාවේ එතැන සිටි අවසන් පන්දුවාරය යොමු කිරීමට පන්දුව ලබා දෙන්නේ ලහිරු කුමාරට බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ලසිත් මාලිංග මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“ලහිරු කුමාර පළවෙනි ඕවර් 3ට ලකුණු 17 යි දුන්නේ. ඕවර් එකකට ලකුණු 6 ක්වත් දීලා නෑ. ඒ කියන්නේ ඔහු ඉතාම හොදින් පන්දු යවලා තියෙනවා.

ඕස්ට්‍රේලියානු තරගය අතෑරපුවාම ඔහු ඉතුරු තරග 6 ම හොදින් පන්දු යවලා කඩුලු අරගෙන තියෙනවා. එතකොට ඔයගොල්ලොම කල්පනා කරලා බලන්න ලහිරු පන්දුවාර 3 ක් ලකුණු 17 කට දාලා ඉන්නකොට හා කලින් තරග වලත් හොදින් පන්දු යවලා තියෙනකොට දසුන් ශානක වුණත් බලාපොරොත්තු වෙන්න ඇති ලහිරු තමයි මට කලින් තරග වලත් හොදට කරලා දීලා තියෙන්නේ හා මේ තරගයේත් හොදින් පන්දු යවලා තියෙන්නේ කියලා.

චාමිකට දීලා මේ දේ වුණා නම් අහන්න පුළුවන් ඇයි ලහිරු කුමාරට පන්දු යවන්න දුන්නේ නැත්තේ කියලා. දසුන් වුණත් ගන්න ඩිසිශන් එක. ඒක හරි යන්නත් පුළුවන්.

හරිගියොත් හැමෝම සතුටුයි. හැබැයි වැරදුනොත් තමයි මේ ප්‍රශ්න එන්නේ. මොකද අපි මැච් එකේ නෙමෙයි ඉන්නේ. හිතලා කියන්න පුළුවන්. මම චාමික දාන්න ඕනි තැන නෙමෙයි ඉන්නේ. චාමිකට වඩා ලහිරු දාපු එක හොදයි. හැබැයි ඒ සිටුවේශන් එකේ පන්දු යවපු විදියේ වැරද්දක් තියෙනවා.”

ලසිත් මාලිංගගේ සම්පුර්ණ වැඩසටහන පහතින්

https://youtu.be/Szher4a9QOk