කොරීන් අල්මේදා ගායන ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින දක්ෂ ස ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඇගේ ගායන හැකියාව තුළ වේග රිද්මයානුකූල ගීත වැඩිවශයෙන් ගායනා කරන අතර ඉඟ්රීසි, හින්දි වැනි වෙනත් භාශාවල ගීතත් විටින් විට ඈ මුවින් ගැයෙනවා.
සිංහල ගීතය ගීතය පිළිබඳව මුලු ලෝකය තුලම කතාබහට ලක්වීතිබෙන මේ ආවස්ථාවේ කොරීන් අල්මේදා යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් යොහානී ගැන දහස් දක්වා තිබුණා.
“මම හිතන්නේ දැං ලංකාවේ ගීතය ලෝකෙටම පත්තුවෙලා ඉවරයි තෑන්ක් යූ යොහානී මේක එයාගෙම ගීතයකුත් නෙමෙයි. ගොඩක් ස්තුතියි යොහානී”
යොහානි ගැන කොරීන් ඇගේ ෆේස්බුක් පෝස්ට් හරහා සුබ පැතුන් සහ ආශිර්වාද එක්කර තිබෙනවා.
“ලංකාව කියන මේ පුංචි රට දැං සිතියමේ කොහෙද තියෙන්නෙ කියලා හැමෝම දන්නවා ඉතිං තැන්ක් යූ යොහානී”
මීට අවුරිද්දකට විතර කලින් යොහානී කොරීන් ගේ “කොන්ඩෙ නැතත් ඉන ගාවට” ගීතය ප්‍රසංගයක ගායනා කරල තියෙනවා. හැබැයි යොහානිට ඒ ගීතයේ මුල් ගායනය කාගෙද කියලා කියන්න බැරිවෙලා. එවෙලේ එතන හිටපු කෙනෙක් යොහානිට කිව්වලු ගීතයේ මුල් ගායිකාව ගැන සඳහන් කරන්න තිබුණා නේද කියලා. ඉතිං යොහානී කොරීන්ට කතා කරලා තියෙනවා සමාව ඉල්ලන්න.
“මට කිසිම ප්‍රශ්ණයක් නෑ ඒක වැදගත් නෑ. මගේ නම කිව්වත් නැතත්. මම ඇවිල්ලා ගොඩක් සිංදු කියපු කෙනෙක් නෙවෙයි. කිසි ප්‍රශ්ණයක් නෑ මම ගායනා කරල තියෙන ගීත ටික ඕන වෙලාවක ඔයාගෙම කරගෙන ගායනා කරන්න” කියල කොරීන් යොහානිට කියලා තියෙනවා.
කොරීන් කියන විදිහට ලංකාවේ සමහර ප්‍රවීණයින්ගෙ ගීත වෙන කෙනෙක් ගායනා කරනවට ඒ ප්රවීණයො කැමති නෑ.
“රටේ නීති තියෙනවා. නමුත් පිටරටවල් වල “බීට්ල්ස්” “බීජීස්” වගේ සංගීත කණ්ඩායම් වල ගීත ප්‍රතිනිර්මාණය කර නැවත ඉදිරිපත්කිරීම නිසා තමයි ඒ ගීත දැනටත් පවතින්නේ. අදටත් ඒ ගීතවල මුල් ගායක ගායිකාවන්ට තමයි ගෞරවය යන්නේ”
මට තියෙන්නේ සිංදු ටිකයි මම මැරුණු දවසක මගේ සින්දුත් මැරිලා යන්නද? ඒ සිංදු ටික එක එක වර්ෂන් වලින් ඇවිල්ලා ක්‍රෙඩිට් එක යන්නේ කාටද? ඔරිජිනල් සිංගර්ට. දැං යොහානිත් ක්‍රෙඩිට් එක දීල තියෙනවා ඔර්ජිනල් සිංගර්ට.
මම හරි ආඩම්බරයි මේ තරුණ ළමයිටික කරලා තියෙන මේ වැඩේට. අපේ රට ලෝකෙටම ගෙනියලා. සිතියමේ සිටෑප් එකක් වගේ දාලා තියෙනවා. “Thank You So Much Children”






