ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බන්දුල වර්ණපුර මහතා මේ වන විට දැඩි ලෙස රෝගාතුර වීම රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ඔහුට කොවිඩ්-19 වැළඳී නොමැති බවත්, ප්‍රතිකාර නොකරන ලද තුවාලයක් හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබන බවයි.
පැය කිහිපයකට පෙර ඔහුගේ පාදයක්ද ඉවත් කිරීමට වෛද්‍යවරුන් හට සිදුවූ බව පැවසේ.
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා වන වර්ණපුර මහතා, කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේවය කළේය.
Published in Sports
More from SportsMore posts in Sports »