Press "Enter" to skip to content

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට යන සිංහයන්ගේ කොණ්ඩා විලාසිතා

සිංහයන් ගේ ස්වරුපය වෙනස් වෙයි

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහ එළඹෙන ඕමාන තරග සංචාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේදී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟින් පන්දුවාර 20 තරග 2කට සහභාගී වනු ඇති.

එහිදී පළමු පන්දුවාර 20 තරගය ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිත අතර,එහි දෙවැනි තරගය ලබන 9 වැනිදා පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියට එක්වීම සඳහා ඕමානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමටත් නියමිතයි.

එහිදී පන්දුවාර 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සහ පැපුවා නිව්ගිනියාව සමඟින් පෙර පුහුණු තරග 2කටත් මුහුණ දෙනවා.

එම තරග 2 පැවැත්වෙන්නේ මෙම මස 12 වැනිදා සහ 14 වැනිදායි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයට එක්වන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී නැමීබියාව සමඟින් ලබන 18 වැනිදා තරග වදිනවා.

මේ අතර අදාළ තරගාවලියට සහභාගී වන ක්‍රිඩකයින්ගේ නව කොණ්ඩා විලාසිතාවකින් හැඩ වූයේ මෙලෙසින්.