Press "Enter" to skip to content

කොවිඩ් හොඳ කරන නව කරල

සිදුකල අධ්‍යයනයකින් තහවුරු වූ දේ

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබාදී තිබෙනවා.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බව නිෂ්පාදන සමාගම කියා සිටිනවා.

ෆයිසර් සමාගම ඇතුලු ආයතන කිහිපයක්ද මේ වනවිටත් කරල් නිපදවීම ආරම්භ කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රථීඵලයක් අත්කරගෙන නොමැති බව සදහන්.