Press "Enter" to skip to content

“හැම තරගයකටම කලින් සංවාසයේ යෙදීම මගේ රහසයි ” – ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය හෙළිකරයි

රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina මෑතකදී නිමාවට පත් වූ ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ මෑත කාලීන රන් පදක්කම ජයගැනීමත් සමඟ තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ සමත්කම දක්වා තිබෙනවා.ඒ අනුව ඇය 2012, 2016 සහ 2020 යන වසර ත්‍රිත්වයේම පදක්කම් දරන්නට සමත්ව තිබේ.

මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඇය දශකයකට ආසන්න කාලයක් මෙලෙස පිහිනුම් ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරීමේ රහස වරක් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබෙනවා.

රුසියාවේ ”ස්පෝර්ට් එක්ස්ප්‍රස්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Alla Shishkina හෙළි කර සිටින්නේ ඕනෑම තරඟාවලියකටම පෙර තමන් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත් තමා සුරාන්තයට පත්වීමට පෙර එය නවතන බවත්ය. එමඟින් තමාට පුපුරන සුලු බලයක් ලැබෙන බවද ඇය පවසා තිබෙනවා.

“මම වෛද්‍යවරුන්ගේ පර්යේෂණයන් මත විශ්වාසය තැබූ අතර අපේ වෛද්‍යවරයා වූ ඩෙනිස් සමඟ සාකච්ඡා කළෙමි. විද්‍යාත්මක ප්‍රජාව පවසන්නේ ඔබට පුපුරන සුලු බලයක් අවශ්‍ය නම් ඔබට ලිංගිකව හැසිරීමට සිදුවන බවයි.” යනුවෙන් ද පවසා සිටියි.එමඟින් මාංශ පේශී වල ශක්තිය වැඩි කර තරගය සඳහා දැඩි ආවේගයක් ඇති කරන බවද ඇය පවසා සිටියි