Press "Enter" to skip to content

හෙට සිට කොළඹ 20ට වැඩි පිරිසට කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හෙට (සැප්. 6) සිට වයස අවුරුදු 20ට වැඩි තරුණ තරුණියන් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත ලබා දීම ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය වේදිනි, වෛද්‍ය දිනුකා ගුරුගේ පවසයි.

ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, පෙ.ව 9.00 සිට ප.ව. 3.00 දක්වා එන්නත් ලබා දීම සිදු කරන බවය.

එන්නත් ප්‍රමාණවත් ලෙස ඇති බැවින් අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත.

ඒ අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ එන්නත් ලබා දෙන ස්ථාන පහතින් දැක්වේ.

1) Sugathadasa Stadium – Walk In 

2) Ginthupitiya MOH office -Walk In

3) Forbes Road Community Hall – Walk In and E Channeling

4) Campbell Park – Walk In

5) Shalika Hall – Walk In and E Channeling 

6) Roxy Gardens – walk In and E Channeling