Press "Enter" to skip to content

“අද්භූත උණක්” පනස් දෙනෙක් මරුට

කොවිඩ් මැද හඳුනා නොගත් උණ රෝගයක්: ඉන්දියාවේ පනස් දෙනෙක් මරුට, වැඩි දෙනෙක් දරුවන්

සතියකට වැඩි කාලයක සිට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇතැම් දිස්ත්‍රික්කවල දරුවන් තද උණ සහ දහදියෙන් නැහැවී අවදි වන බව වාර්තා වේ.

හන්දි කැක්කුම, හිසරදය, විජලනය සහ ඔක්කාර වැනි රෝග ලක්ෂණ ඔවුන් වෙතින් පෙන්නුම් කරයි.

ඒ අතර සිටින ඇතැම් දරුවන්ගේ අතපය පුරා කුෂ්ඨ පැතිර ගොස් ඇති බව ද වාර්තා වේ.

උණ හේතුවෙන්, අවම වශයෙන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඉන් වැඩි දෙනෙකු දරුවන්ය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර දෙසට පිහිටි දිස්ත්‍රික්ක හයක රෝහල් වෙත තවත් රෝගීන් ගණනාවක් ඇතුල් කරනු ලැබ ඇත.

මරණයට පත් කිසිවෙකුටත් කොව්ඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.