බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පුද්ගලයින් 252 දෙදෙනෙකුට අද (14) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබුණි.
ඉන් 100 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්වීම විශේෂත්වයකි.






