Press "Enter" to skip to content

”ඇඳිරි නීතිය නොදැමීමෙන් අතිරේක මරණ 1200ක්: ඒවා මනුෂ්‍ය ඝාතන ලෙස සැලකිය යුතුයි”

ශ්‍රී ලංකාවට වහා ඇඳිරි නීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදු විය හැකි අතිරේක මරණ 1200ක් වළක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධ ⁣https://slcovidmodel.com වෙබ් අඩවියේ අනාවැකි ආකෘතිය අනුව මේ බව පැහැදිලිව පෙන්නුම් කරන බවය.

තව ද රට වසා දැමීමට දින 5 ක් ප්‍රමාද වුවහොත් එය අවම වශයෙන් පුද්ගලයින් 700 දෙනෙකුගේ මරණවලට හේතු විය හැකි බවත් ඔහු අවධාරණය කර ඇත. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම මරණ “කැමැත්තෙන් තොරව සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්” වනු ඇති බවය. 

The SLCovid prediction model https://t.co/29JiuOSI1o clearly shows that immediate curfew will prevent at least 1200 additional deaths within the next 20 days. 5 days delay in decision making will be an “Involuntary manslaughter” of at least 700 people. pic.twitter.com/73ekhYv82I— Prof Suneth Agampodi (@sunethagampodi) August 10, 2021

මේ අතර පසුගිය 5 වන දා ඔහු සිය ට්විටර් ගිණුමෙහි තවත් පණිවිඩයත් තබමින් පවසා ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදය සමග සටන් කිරීමේ නිර්භීත අභියෝගය රජය භාර ගත් අතර මෙම අභියෝගයේ කොටසක් ලෙස දිනකට 150-200 ධාරිතාවකින් යුත් සමූහ ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇති බවය.

The Sri Lankan government took a bold decision to challenge the Delta variant. It is time to build a mass cremation facility with a capacity of 150-200 a day as a part of this challenge.— Prof Suneth Agampodi (@sunethagampodi) August 5, 2021

mawbima.lk