Press "Enter" to skip to content

බණ්ඩාරගමින් රෝගීන් 197

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් අද 8 වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 197 ත් සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 3106 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

කොරෝනා දෙවන රැල්ලේ මාස හයටම වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1490 කි.සිදු වූ මරණ සංඛ්‍යාව 10කි . තෙවන රැල්ලේ මාස හතරට පමණක් රෝගීන් 1616 දෙනකු වාර්තා වි ,මරණ 42 ක් සිදුවී ඇත . මේ අනුව ආසාදිතයන්ගේ වාර්තා වීම මෙන්ම සිදුවූ මරණ ප්‍රමාණයන්ද වේගයෙන් ඉහළ ගොස් ඇතැයි එම ප්‍රකාශකයා කිය.

මේ වනවිට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 445 ,ක් අළුබෝමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 423 ක් ,හා මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් 401 වශයෙනි .