රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය .
මේ අතර ඔක්සිජන් අවශ්‍ය කොරෝනා රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ඇති බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මේ තත්වය කැපී පෙනන බවත් හෙතෙම සඳහන් කළේය .
රෝගීන්ගේ ප්‍රමාණය තවමත් දෙදහසේ සීමාවේ යැයි පවසමින් සතුටුවීම තරම් බරපතළ වරද්දක් තවත් නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් රෝගීන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවද කීවේය .
එසේ වුවහොත් පසුගිය මැයි මාසයේ තිබූ තැනට රට යළි ගමන් කළ හැකි බවද හෙතෙම පැවසුවේය.
Published in Health
More from HealthMore posts in Health »