එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්රිකට් ක්රීඩකයන් තිදෙනාට චෝදනා පත්ර බාරදුන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරයි.
හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිකල සහ කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දික්යවැල්ල යන ක්රීඩකයෝ චෝදනා ලබා සිටිති.
එම ක්රීඩකයන්ට එරෙහිව චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කමිටුව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් එම ක්රීඩකයන් තිදෙනා ඉදිරියේදී කමිටුව හමුවට කැඳවන බවත් ප්රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Published in Sports
More from SportsMore posts in Sports »