Press "Enter" to skip to content

කොවිඩ් පාලනය ගැන PHI සංගමය කළ අනතුරු ඇඟවීම

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව පූර්ණ අවබෝධයකින් තොරව මේ වන විට කොවිඩ් පාලන වැඩසටහන ක්‍රියාත්මක වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරයි.

කොවිඩ් පාලන වැඩසටහන සාමාන්‍ය ආකාරයකට ගමන් කරන බව පෙනෙන්නට ඇති බවත් ඒ හේතුවෙන් රට ඉතාමත් ම අවදානම් තැනකට තල්ලු විය හැකි බව සභාපතිවරයා පැවසීය.

සභාපතිවරයා අවධාරණය කළේ, බලධාරීන් ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සියලු ම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදු කර නිවැරදි ප්‍රතිඵල මහජන පරීක්ෂකවරුන් වෙත ලබා දිය යුතු බවය.

එමෙන් ම, තවමත් දෛනිකව කොවිඩ්-19 රෝගීන් 2,000 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තාවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“අපි අවධාරණය කරනවා, තවත් දෛනිකව අපිට 2000 ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම මේ වෙද්දී ඩෙල්ටා ප්‍රභේදය හමුවෙලා තියෙනවා. ඒ නිසා බලධාරීන්ගේ අවධානය යොමු කරනවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සියලු ම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදු කරලා නිවැරදි ප්‍රතිඵල අපිට ලබා දෙන්න ඕන.

මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි කොවිඩ් -19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසහටන සාමාන්‍ය ගිය ආකාරයට ගමන් කිරීමක් පමණයි වෙන්නේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතාමත් ම අවදානම් තැනකට රට තල්ලු වෙලා යන්න පුළුවන්. අපි වගකීමෙන් කටයුතු කළේ නැත්නම්.”