Press "Enter" to skip to content

පරිභෝජනයට සහල් ඇත්තේ තව මාසයකට පමණයි

පරිභෝජනය සඳහා රට තුළ සහල් පවතින්නේ තවත් මාසයක කාලයක් සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වනවිට වී මෝල් හිමියන් ලබාදී ඇති දත්තවලට අනුව ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එම නිසා කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.