Press "Enter" to skip to content

කොවිඩ් රෝගීන් 135ක් දැඩි සත්කාර ඒකකවල

කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලේදී මියගිය සංඛ්‍යාව 609 ක් වුවත් තෙවැනි රැල්ලේ මරණ ඉතා සැළකිය යුතු ලෙස ඉහළ ගියේය.

ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසු කොවිඩ් තුන්වැනි රැල්ලේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,095 කි.

මෙවැනි පසුබිමක පසුගිය 13 වැනිදා සිට 20වැනිදා දක්වා සිදුවූ කොවිඩ් මරණ, සාමාන්‍යය දිනකට 50ක් පමණ වේ.

නමුත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ ජුනි 21 වැනිදා සිදුවූ මරණ සංඛ්‍යාවත් සමග කොවිඩ් මරණ සංඛ්‍යාව මෙලෙස ඉහළ යයි.

සති 3කට ආසන්න කාලයක් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑම ගැටලු සහගත තත්ත්වයකි.