Press "Enter" to skip to content

පල්ලේකැලේ ඇඟළුම් ආයතනයක රෝගී වූ 74ක් රෝහලට

පල්ලේකැලේ ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 74 දෙනකු වමනය සහ හිසරදය හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පවසයි.

මෙලෙස රෝගීවූ ඇඟළුම් සේවිකාවන්ට කෝවිඩ් එන්නත ද ලබා දී තිබෙන අතර මෙම රෝගී තත්ත්වය හා එන්නතේ කිසිම සම්බන්ධයක් නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.

ඉන් 64 දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලින් පිටව ගොස් තිබෙන අතර ආහාර විෂවිමක් මේ රෝගි තත්වයට හේතුවක් විය හැකි බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ . නිහාල් වීරසූරිය මහතා පවසයි.

මෙම පිරිස වෙතින් දක්නට ලැබෙන්නේ ආහාර විෂ වීමක් ලක්ෂණ බවද පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.