Press "Enter" to skip to content

ඇස්ට‍්‍රා සෙනිකා පළමු මාත‍්‍රාවේ ප‍්‍රතිශක්තිය මාස 6ක් පවතිනවා – විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන

ඇස්ට‍්‍රා සෙනිකා කොවිෂීීල්ඞ් එන්නතේ පළමු මාත‍්‍රාවෙන් සිරුරට ලැබෙන ප‍්‍රතිශක්තිය මාස හයක කාලයක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.

එම එන්නත් පළමු මාත‍්‍රාව විදගත් මෙරට ජනතාවට දෙවැනි මාත‍්‍රාව නිසි කාලසීමාවේදී ලබාදීමට අවශ්‍ය එන්නත් මිලදී ගැනීම සඳහා මේ වන විට ශී‍්‍ර ලංකා රජය රටවල් කිහිපයක් සමග සාකච්ඡුා පවත්වමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට ලොව පුරා කොවිඞ් පාලන එන්නත් ඉල්ලූම ඉහළ ගොස් ඇති නිසා ජාත්‍යන්තර එන්නත් මාෆියාවක් නිර්මාණයවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා මෙම එන්නත් මාෆියාව නිසා අප වැනි රටවලට කොවිඞ් පාලන එන්නත් මිලදී ගැනීමේදී බොහෝ දුෂ්කරතාවයන් මතුව ඇතැයිද පැවැසීය.