Press "Enter" to skip to content

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 42ක්

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 42 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,074 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු අද දින වාර්තා වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,154 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .