චීන රජය මෙරටට පරිත්‍යාග කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රට පුරා ජනතාවට වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය.
ඒ අනුව එම එන්නත් ජනතාවට ලබාදීම සෞඛ්‍ය අංශ ඊයේම ආරම්භ කළේය.
සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ එන්නත් බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහ රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට අද (26)අලුයම පැමිණියේය.
මෙම ගුවන් යානය පැමිණියේ චීනයේ බීජිං නුවර සිටය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබිණ.
ශ්‍රී ලංකා රජය ඇණවුම් කර ඇති එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් මසක් ඇතුළතදී ලබාදීමටත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.චෙන් .හුන්ග් මහතා එම එන්නත් තොගය බාරදෙමින් ඊයේ පැවැසීය.
මේ අතර චීන රජය සමග කළ සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, සයිනොවැක් (sinovac)එන්නත මෙරටදීම ඉදිරි මාස දෙකේදී නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරන බව ඖෂධ සැපයීම සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය
Published in Political