Press "Enter" to skip to content

දෛනික ආසාදිතයින් 3,500 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,538ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 158,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,828 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 125,360ක් විය.