Press "Enter" to skip to content

ඇඟලුම් කම්හල් ආශ්‍රිතව 700ක අලුත් කොවිඩ් පොකුරක්

තුල්හිරිය ඇඟලුම් කර්මාන්ත ශාලාවට අනුබද්ධිත ඇඟලුම් ආයතන කීපයක හා මුලතිව් පුදුකුඩිඉරිප්පු ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ සිදුකළ හදිසි පී.සී.ආර්. පරීක්‍ෂණවලදී කොවිඩ් වයිරසය ආසාදිත සේවක සේවිකාවන් හත්සියයකට (700) ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ.

තුල්හිරිය ඇඟලුම් කර්මාන්ත ශාලාවට අනුබද්ධිත මීරිගම, අලව්ව, ගලිගමුව, අවිස්සාවේල්, කෑගල්ල, මාවනැල්ල ඇතුළු ඇඟලුම් ආයතන කීපයක හා පුදුකුඩිඉරිප්පු යන ඇඟලුම් කර්මාන්ත ශාලා තුළ සේවයෙහි නියුතු තුන්දහසකට ආසන්න පිරිසක සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂාවකදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

ඉහත සඳහන් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් කීපදෙනකුට කොවිඩ් වයිරසය ආසාදිතවීම හේතුවෙන් ඇතිවූ සැකයක් මත පසුගියදා එහි පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකර ඇති අතර ඒ අනුව තුල්හිරියට අයත් කර්මාන්ත ශාලා තුළින් හාරසියයකට ආසන්න පිරිසක් හා පුදුකුඩිඉරිප්පු කර්මාන්ත ශාලාවෙන් දෙසිය හැත්තෑවකට ආසන්න පිරිසක් එසේ හඳුනාගෙන ඇත.

මෙම ආසාදිත පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව එම ප්‍රදේශය භාර වෛද්‍ය නිලධාරීහු පැවැසූහ.