Press "Enter" to skip to content

කොරෝනා වෛරසයෙන් ශ්වසන පද්ධතිය රැක ගන්න මේ දේවල් කරන්න

ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා වයිරසය මිනිසාගේ ශ්වසන පද්ධතිය ආක්‍රමණය කර එය ආසාදනය කරමින් ශ්වසන අපහසුතා ඇති කර අවසානයේදි මරණය කරා ළඟාකිරීමට සමත් වන්නේය.

අපගේ ස්වනය පද්ධතිය කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම හැරුණු කොට මෙය මර්දනය කිරීමට තවමත් ඖෂධයක් හෝ ප්‍රතිකාරයක් නොමැත.

Lung virus infection and coronavirus outbreak or viral pneumonia and coronaviruses influenza as a dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells with 3D render elements.

ලොව පුරා මේ වන විට වයිරසය මර්දනය සඳහා යොදා ගනු ලබන්නේ එන්නත්කරණය පමණකි. එයද සාර්ථක වැඩපිළිවෙළක් නොව. එන්නත් ලබා ගත්තද එම පුද්ගලයා ආසාදනය වන අවස්ථාවන් තිබිය හැකි බව ද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත්තේය. එසේ නම් මේ සඳහා හොඳම හා එකම විසඳුම වන්නේ තමන්ගේ ශ්වසන පද්ධතිය ආරක්ෂාකර ගැනීම පමණකි.

ආයුර්වේදයට අනුව අපගේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ආහාර , ඖෂධ හා වියරණයන් බොහෝය. ඒවා නිවැරදිව භාවිත කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කිරීමෙන් පමණක් අපට මේ මාරාන්තික වයිරසයෙන් මිදි සිටිය හැකිය.

ආහාර ගැන කථා කිරීමේදී සෙම් රෝග උත්සන්න කරන සෙම් කෝප කරන සීතල ආහාර පාන මෙවන් කාලයේදී නොගැනීම ඉතාමත් වැදගත්ය. බණ්ඩක්කා, තක්කාලී, පිපිඤ්ඤා , කැකිරි වැනි ආහාර ගැනීමෙන් ‌ඔබගේ සෙම් ගතිය වැඩිකිරීමේ හැකියාවක් පවතී.

ලුණු කැඳ තැම්බුම් හොදි මගින් ශ්වසන පද්ධතියේ හා ආහාර ජීර්ණ පද්ධතියේ සිදුවනන අපහසුතාවන් මගහරවා ගත හැකිය.

දෙලුම්, අනෝදා, නෙල්ලි ඇබරැල්ලා ,සියඹලා, උගුරැස්ස, නමිනන්, බෙලි, සුවදැල් , කෝලිකුට්ටු වැනි පලතුරු පෙණහැල්ල ආශ්‍රිත ශ්වසන පද්ධතියට හිතකරයි.

එසේම කිරිඅගුණ, තිත්ත අගුණ, මුරුංගා, කතුරුමුරුංග, තම්පලා, එරබදු ගොටුකොළ, ඇඹුල් ඇබිලියා වැනි පලා වර්ග ශ්වසන පද්ධතියේ ආරක්ෂාව සඳහා බෙහෙවින්ම හිතකරය. ශ්වසන පද්ධතිය ශක්තිමත් කිරීමේ හැකියාව මෙන්ම එහි නිරෝගිභාවය ආරක්ෂා කිරීමේ හැකියාව මෙම පලතුරුවලට ඇත.

මොනරකුඩුම්බිය, යකිනාරං කොළ, තිබ්බටු කොළ, හීන්බෝවිටියා, ගොටුකොළ, කරපිංචා ආදියෙන් පිළියෙල කරගන්නා කොළ කැඳ ශ්වසනපද්ධතිය ශක්තිමත් කිරීමට හේතුවේ.

ශ්වසන පද්ධතිය තුළ වයිරසයන් මගින් ඇතිකරන අපහසුතාවන් මගහරවා ගැනීමට නම් උණුවතුර පානය ඉතාමත් වැදගත්ය. උණුවතුර හා ලුණු මිශ්‍රකර උදේ හවස උගුර සේදීම‍. එමෙන්ම උණුවතුරට තලතෙල් ස්වල්පයක් මිශ්‍රකර උගුර හා කට සෝදා දැමීමට හැකිය.

එසේම පැගිරි කුලයේ ශාකයකින් ලබා ගත් කොළ තම්බා එයින් නැගෙන වාෂ්පය ඇල්ලීමෙන් ශ්වසන මාර්ගයේ තිබෙන යම් අපහසුවක් ඇත්නම් ඒවා මගහරවා ගත හැකිය‍.

ඒ වගේම කහ කැබැල්ලක් පුලුස්සා ඉන් නැගෙන වාෂ්පය නාසයට ආග්‍රහණය කිරීම මගින්, යම් වයිරසයක් ශ්වසන මාර්ගයට ඇතුළු වී ඇත්නම් එය අක්‍රීය කිරීමටත් ශ්වසන මාර්ගය සැහැල්ලු කිරීමටත් ඉවහල් වන්නේය.

මේ අතර ඉඟුරු කොත්තමල්ලි පානය මගින් ද ශ්වසන පද්ධතියේ අපහසුතාවන් මගහරවනවා සේම සිරුරේ ව්‍යාධි ක්ෂමතාව හෙවත් ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමට හේතුවක් වේ.

එසේම අප ජීවත්වන වටාපිටාව තුළ පවතින විසබීජයන් විනාශ කිරීම සඳහා කොහොඹ තෙල්, පොල්කටු අඟුරුමත දමා දුම් ඇල්ලීමකළ හැකිය. මීට අමතරව අගිල්, බුබුල්, හල්, දුම්මල දමා දුම්ඇල්ලීම, කහ දියරවලට දෙහි දමා ඉසීමෙන්  මෙන්ම කහදියර, දෙහි යුෂ සමග අත් සේදීම මගින් විසබීජ විනාශ කර ගත හැකිය. එසේම කොහොඹ කොළ නිදි යහනේ අතුරා නිදා ගැනීම මගින්ද විසබීජ විනාශ කළ හැකිය.

ශ්වසන පද්ධතියේ නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීමට යෝග ව්‍යායාම ඉතාමත් වැදගත්ය. ආනාපානසති භාවනාව වැඩීම ශ්වසන පද්ධතියේ ආරක්ෂාව හා නිරෝගීභාවය රැකගැනීමට හේතුවක් වන්නේය.

මෙවන් ව්‍යයසනකාරී අවස්ථාවකදී පුද්ගලයෙකු අධ්‍යාත්මික ගුණවගාවට දියුණුකර ගැනීම ඉතාමත් වැදගත්ය. තමන් අදහන ආගමකට නැඹුරුව කටයුතු කිරීම මෙවන් අවස්ථාවක ඉතාමත් වැදගත්ය. පුද්ගලයෙකුගේ මානසික සුවය හා අධ්‍යාත්මික ගුණවගා දියුණු කර ගැනීමෙන් බෝවන මෙන්ම බෝනොවන රෝගයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව පවතී.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ

ආයුර්වේද වෛද්‍ය තුෂාරි වන්නිආරච්චි සමග කළ සාකච්ඡාවක් ඇසුරින්