කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.
- එන්නත ලබා ගැනීමට පෙර තමාට ඇති රෝග සම්බන්ධයෙන් එන්නත ලබාදෙන ස්ථානයේ සිටින වෛද්‍යවරයා දැනුවත්කොට අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය.
- එන්නත ලබා ගැනීමෙන් පසු දින තුනක්වත් ගතවන තෙක් අනවශ්‍ය ලෙස වෙහෙස නොවිය යුතුය.
- සාමාන්‍ය උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් පෙති දෙකක් ලබා ගන්න.
- පැය 48කට වඩා උණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
- එන්නත ලබා ගැනීමෙන් පසු වෙනත් රෝග සංකූලතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමුවන්න.
- උණ තත්ත්වයක් නොමැති නම් ස්නානය කිරීම ගැටලුවක් නොමැත.
- නිදන්ගත රෝග ඇති පුද්ගලයන් ඇත්නම් අවශය බෙහෙත් නිසි වේලාවට ලබා ගන්න.
- එන්නත ලබා ගැනීමට පෙර සහ පසු ගනු ලබන ආහාර පිළිබඳ විශේෂයක් නොමැති අතර තමාගේ සාමාන්‍ය ආහාර වේල ලබා ගන්න.
- සෑම විටම මුව ආවරණ පලඳින්න. සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න.
- දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා එන්නත ලබාගත් ස්ථානයෙන් ලබා දුන් කාඩ්පත සුරැකිව තබා ගන්න.
Published in Uncategorized
More from UncategorizedMore posts in Uncategorized »
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට