ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
මෙම ආසාදිතයා රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා පසුව දින හතක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකු යයිද ඇය සඳහන් කරයි .
මේ තැනැත්තා පිටරට සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටි නිසා ඔහු හඳුනා ගැනීමට හැකි වූ බවත් රාජ්‍ය ඇමතිවරිය කියයි .
මොහු දින විසි එකක්ම වෙන්ව සිටි අයකු හෙයින් ඔහුගෙන් සමාජයට පැතිරීමේ හැකියාවක් නැතැයි පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.
Published in Political
More from PoliticalMore posts in Political »