Press "Enter" to skip to content

අලුත් කොරෝනාවේ මූලික ලක්ෂණය නිව්මෝනියාවයි

උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයක් මතු වීම ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දිනමිණට ඊයේ (23) පැවසීය.

මේ නිසා රෝගය උත්සන්න වන තුරුම රෝගය අාසාදනය වී තිබෙන බව දැන ගන්නට නොලැබෙන බව පැවසූ ඒ මහතා, මේ නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව ද කීවේය.

ඉදිරි නිවාඩු දින කිහිපය තුළ වඩාත් කල්පනාකාරීව ගත කරන ලෙසත් පවුලේ හෝ ප්‍රදේශයේ හෝ කොවිඩ් රෝගියකු සිටියේ නම් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින ලෙසත් පවසන ඒ මහතා, යන්තම් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්නැයිද ජනතාවට දැනුම් දෙයි.

රෝගයේ මූලික අවස්ථාවේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ගැනීමෙන් රෝගය උත්සන්න වී දැඩි සත්කාර ඒකකයට යෑමට තිබෙන අවධානම අඩු වන බවත් හෙතෙම කීවේය.