Press "Enter" to skip to content

විස්ඩන් නැගී එන ක්‍රිකට් කණ්ඩායමට වනිදු හසරංගත්

ලොව ප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන් සඟරාව විසින් පසුගියදා නම් කර තිබුණු වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඇතුළත්ව ඇත.

මෙම සංචිතයේ නායකත්වය දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටෙම්බා බවුමාට හිමිවී තිබේ. බවුමා එක්දින තරග 6කදී ලකුණු 335ක් රැස් කරගෙන ඇති අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 92.28ක් ලෙස සටහන් වේ. කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ලෙසින් ඉමාම් උල් හක්, රසී වැන් ඩසන්, ලෝකෙෂ් රාහුල් සහ නිකලස් පුරන්ද ඇතුළත්ව සිටී. අදාළ කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙසින් ඉන්දීය ක්‍රීඩක රිෂබ් පාන්ට් නම් කර තිබේ. කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙසින් එංගලන්ත ක්‍රීඩක ජොෆ්රා ආචර්, පකිස්තාන ක්‍රීඩක ශහීන් ෂාහ් අෆ්රිඩි, නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගසන් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මුජිබ් උර් රහමන් ඇතුළත් කර තිබේ.

කණ්ඩායමේ ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිදු හසරංග ඇතුළත්ව සිටී.