Press "Enter" to skip to content

“අපරාදේ කරපු අය මම අත අරින්නේ නෑ”-සැමියාගේ ඝාතනය ගැන බිරිඳගේ හද සසල කරන ෆේස්බුක් සටහන

මිතුරු වෙසින් ඉන්න පුද්ගලයන් ගැන අප ඕනෑතරම් අසා තිබේ .

ජීවිතේ සමහර අවස්ථාවලදී අපට මෙම මිත්‍රත්වයම අවාසනාවට හේතුවක් වන්නට පුළුවන් මේ කියන්නට යන්නේ එහෙම කතාවක්

ගැන කැස්බෑව ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු හමුවීමට ගොස් අතුරුදන් වූ 30 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර, ඔහුගේ සිරුර පොල්ගස්ඕවිට ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක වළ දමා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (28) කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මුරුතලාව, කරුවලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා අතුරුදන් වී ඇති බවට ඔහුගේ බිරිඳ පසුගිය 24 වැනිදා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

සිය සැමියා අවසන් වරට තමන්ට දැනුම් දී තිබුණේ කැස්බෑව ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බව එහිදී ඇය පොලිසියට පවසා තිබුණා ඒ අනුව, පේරාදෙණිය පොලිසිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව කැස්බෑව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනවලදී අදාළ ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණ කරගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය 23 වැනිදා උදෑසන අදාළ තරුණයා සිය මිතුරා හමුවීමට ගොස් ඇති අතර, එහිදී දෙදෙනා අතර ආරවුලක් ඇති වී තිබෙනවා. එම ආරවුලෙන් අනතුරුව මිතුරා තවත් පිරිසක් සමඟ එක්ව තරුණයා ඝාතනය කර සිරුර කැලෑබද ප්‍රදේශයක වළ දමා ඇති බවට පොලිසිය සැක පල කරනවා .

මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 36 සහ 37 යන වයස්වල පසුවන අතර, ඔවුන් මඩපාත සහ පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙනවා.

මෙලෙස මරණයාට තරුණයාගේ සිරුර වළ දමා ඇති බවට සැක කෙරෙන ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඉතිං මේ නිරපරාදේ උන අපරාදය ගැන ඇ‍යගේ බිරිද සංවේදී සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා …

නිරපරාදේ තම ආදරණීය සැමියට මෙහෙම දෙයක් වුණොත් මොන බිරිදටද දරාගන්න පුළුවන් .

ඉතිං ඇය හද සසල කරවන වේදනාව වචනවලට එකතු කරලා තිබුණේ මේ විදිහට

”නිවන් සුව මගේ රත්තරනේ..ඔයා මන් ලග ඉන්නවා මන් දන්නවා ඔයාට මේ අපරාදේ කරපු අය මන් අත අරින්නේ නෑ..

යාලූවෝ නමින් තිරිසන් මිනිස්සු හමු නොවේවා කිසිම භවයක.😭😭

ඇයි මෙච්චර ඉක්මන්ට ඔයාගේ පන ටික දාලා යන්නේ.😭🙏”

More from GossipMore posts in Gossip »