Press "Enter" to skip to content

හබරණ අනතුරකින් පොලොන්නරුව රෝහලේ විශේෂඥ වෛද්‍ය මරුට

මින්නේෂිය හබරණ ප්‍රධාන මාර්ගයේදී හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (6) සවස වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් විශේෂඥ වෛද්‍යවරයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

​මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ නම් වෛද්‍යවරයෙකි.
​ඔහු පොළොන්නරුව නවනගරයේ පදිංචි පුද්ගලයෙකි.

​විශේෂඥ වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය මින්නේෂිය දෙස සිට හබරණ දෙසට ගමන් කරමින් සිට ඇති අතර අනතුරට සම්බන්ධ වැලි ප්‍රවාහන ටිපර් රථය හබරණ සිට මින්නේෂිය දෙසට ධාවනය වෙමින් පැවැති ඇතැයි පොලීසිය කියයි. 

More from GossipMore posts in Gossip »